චීනය වසංගත පාලන පියවර යළි සකස් කිරීමත් සමග ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයට නව බලාපොරාත්තුවක්
2023-02-13 09:08:29
Share with:

චීනය වසංගත පාලන පියවර යළි සකස් කිරීමත් සමග ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයට නව බලාපොරාත්තුවක් ගෙනවිත් ඇතැයි ග්‍රීන් හොලි‍ඩේ සංචාරක නියෝජිතායතනයේ අධ්‍යක්ෂ දේශබන්දු මහේෂ් රාජකරුණා මහතා පවසයි. වසංගතයට පෙර චීන සංචාරකයන් හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය තුළ විශාල ප‍්‍රබෝදයක් ඇතිවිය. එම තත්ත්වය යළිත් ඇතිවනු දැකීම සමස්ත සංචාරක අංශයේම අපේක්ෂාව යැයි ද හෙතෙම කියා සිටී. වසර තුනකට පසුව චීනය සංචාරක කණ්ඩායම් සඳහා අවසර ලබා දී තිබේ. එහි පළමු රටවල් 20ට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට චීන රජය පියවර ගැනීම තම ඉතා පැසසුම් සහගත ලෙස අගය කරන බව ද රාජකරුණා මහතා කියා සිටී. වැඩි චීන සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ශ්‍රී ලංකාව මුහුණ දෙන විදේශ විනිමය ගැටළුව සමනය කර ගැනීමට විශාල සහායක් වනු ඇතැයි ද හෙතෙම සඳහන් කරයි. චීන සංචාරකයන් යළි සංචාර ආරම්භ කිරීම ගෝලීය සංචාරක වෙළඳ පොලට පමණක් නොව ලෝක ආර්ථික ප්‍රකෘතියට ද නව අපේක්ෂාවක් ගෙන දෙනු ඇතැයි ද මහේෂ් රාජකරුණා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම