උතුර සංවර්ධනයට දස අවුරුදු සැලැස්මක්
2023-02-13 15:55:10
Share with:

වසර 10ක සැලසුමක් යටතේ අපනයනය කේන්ද්‍ර කරගත් සහ තරගකාරී ආර්ථිකයක් ගොඩනැඟීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. උතුරු පළාතේ පවතින ගැටලු සම්බන්ධයෙන් එම පළාතේ දේශපාලන නියෝජිතයන් සහ විද්වතුන් පිරිසක් සමඟ පසුගියදා යාපනයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. 

සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට පමණක් නොව ඉස්සන් වගාව සඳහා ද මුල් තැන දෙමින් ධීවර කර්මාන්තය වාණිජ වශයෙන් කරගෙන යා හැකි වැඩපිළිවෙළක් සකස් කිරීම, මන්නාරම සිට ත්‍රිකුණාමලය දක්වා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, මාන්කුළම පරන්තන් කර්මාන්ත කලාප ඇති කිරීම සහ නවීන තාක්ෂණ අධ්‍යාපනය මෙන්ම රාජ්‍ය නොවන වෙනත් විශ්වවිද්‍යාලයක් මේ ප්‍රදේශයට ගෙන ඒමටත් රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම