චීන විදේශ ඇමති හා තායිලන්ත උප අගමැති හමුවෙති
2023-02-13 19:16:56
Share with:

චීන විදේශ ඇමති චින් ගාං මහතා සහ සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින තායිලන්ත උප අගමැති, විදේශ ඇමති Don Pramudwinai මහතා හමු වෙති.

පසුගිය වසරේ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තායිලන්තයේ සිදු කළ ඓතිහාසික සංචාරය තුළදී තායිලන්තය හා එක්ව ලද ජය තහවුරු කිරීමට චීනය කැමති බව චින් ගාං මහතා එහිදී අවධාරණය කළේය. දෙරටේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට මෙහෙයවමින්, පොදු අභියෝගයන්ට මුහුණපාමින් සහයෝගතා හා සංවර්ධන අවස්ථා පොදුවේ නිර්මාණය කිරීමට චීනය අපේක්ෂා කරන බව ද ඔහු කීය.

චීනය සමග සම්බන්ධතාවය අගය කරන තායිලන්තය, එකම චීනය ප්‍රතිපත්තිය ස්ථීරව අනුගමනය කරන බව Don Pramudwinai මහතා පැවසීය. චීනය විසින් ඉදිරිපත් කෙරුණු ගෝලීය සංවර්ධන මුලපිරුම සහ ගෝලීය ආරක්ෂක මුලපිරුමට තායිලන්තයේ අනුබලය හිමි වේ. දෙපාර්ශ්වයන් උසස් පෙළේ හුවමාරු පවත්වා ගෙන යමින් විවිධ ක්ෂේත්‍රවල සහයෝගතා සක්‍රියව ඉදිරියට ගෙන යා හැකි යැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම