2023 වසරේ චීන මධ්‍යම රජයේ ප්‍රමුඛ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය නිකුත් කෙරේ
2023-02-13 19:36:24
Share with:

වසර 2023නේ චීන මධ්‍යම රජයේ “අංක 1කේ වසරේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශය” නිකුත් කෙරේ.

‘වසර 2023නේ ග්‍රාමීය පුනර්ජීවනය සම්පූර්ණයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩකටයුතු පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය මණ්ඩලයේ යෝජනාවලිය’ මැයෙන් යුතු එම ප්‍රතිපත්ති මාර්ගෝපදේශය මෙම වසරේ රටේ කෘෂිකාර්මික කර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශය හා ගැමි ජනතාවට අදාල කරුණු වලට උපදෙස් දී තිබේ. 

නවීකරණ සමාජවාදී රටක් සම්පූර්ණයෙන් ගොඩනැගීමට බැරෑරුම්ම හා අසීරුම මෙහෙවර පවතින්නේ ග්‍රාමීය ප්‍රදේශයට අදාළව බව එම ප්‍රතිපත්ති මාර්ගෝපදේශය පෙන්වා දෙයි. සමස්ත පක්ෂයේ වැඩකටයුතු තුළ ප්‍රමුඛම වැඩකටයුත්ත ලෙස කෘෂිකාර්මික කර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශය, ගැමි ජනතාවට අදාල ගැටළු සැලකිය යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව අදහස් කරයි. එසේම ග්‍රාමීය පුනර්ජීවනය,  කෘෂිකාර්මික හා ග්‍රාමීය නවීකරණය ඉටු කිරීම උදෙසා සමස්ත පක්ෂයේ හා සමස්ත සමාජයේ ශක්තිය යොමු කළ යුතු බව ද අවධාරණය කෙරිණ.

ආහාර සුරක්ෂිතභාවය ස්ථිරව ආරක්ෂා කරමින්, දිළිඳුබවෙන් මුදා ගෙන සිටින පිරිස ආපසු දිළිඳුබවට පත්වීම වැළැක්වීමට දැඩි ලෙස පියවර ගැනෙනු ඇත. ග්‍රාමීය ප්‍රදේශයේ සංවර්ධනය හා පාලනය ප්‍රශස්තකරණය කරමින්, බලවත් කෘෂි රටක්, ජන ජීවිතයට හිතකාමී සුන්දර ග්‍රාමීය ප්‍රදේශයන් ගොඩනැගීමට වෑයම් දැරිය යුතු බව ද එම ප්‍රතිපත්ති මාර්ගෝපදේශය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම