නෝර්ඩ් ස්ට්‍රීම් නල මාර්ගය පුපුරවා හැරිය බව ඇමෙරිකානු නිලධාරීන් පිළිගෙන ඇතැයි රුසියානු විදේශ ඇමති කියයි
2023-02-13 09:36:59
Share with:

නෝර්ඩ් ස්ට්‍රීම් 1 සහ 2 නල මාර්ගයන්හි හටගත් පිපිරීම ඇමරිකාව විසින් සිතාමතා සිදුකරන ලද්දක් බවට එරට නිලධාරීන් පිළිගෙන ඇතැයි රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලැව්රොව් මහතා කියාසිටී. ඔහු මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පැවසුවේ, රුසියානු බලශක්ති සම්පත් සහ ජර්මානු තාක්ෂණය මත පදනම් වූ ප්‍රබල සන්ධානයක ගොඩනැගීම, බොහෝ ඇමරිකානු සමාගම්වල ඒකාධිකාරීත්වයට තර්ජනයක් වනු ඇතැයි, ඇමරිකාව විශ්වාස කරන බවයි. ප්‍රතිවාදියෙකු අවශ්‍ය නැති ඇමරිකාවට මෙම සන්ධානය කෙසේ හෝ බිඳ දැමීමට අවශ්‍ය වේ.

රුසියානු ස්වාභාවික ගෑස් යුරෝපයට රැගෙන යන නෝර්ඩ් ස්ට්‍රීම් 1 සහ 2 ගෑස් නල මාර්ගයන් හි කාන්දු වීම් වාර්තා වූයේ  පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ය. ඒවා සිදුව තිබුණේ, ස්වීඩනයට සහ ඩෙන්මාර්කයට ඔබ්බෙන් මුහුදේ ස්ථාන හතරකිනි. නල මාර්ගය පිළිබඳ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් ජර්මනිය, ඩෙන්මාර්කය සහ ස්වීඩනය විමර්ශනය කර ඇති නමුත්, වැඩිදුර තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් කර නොමැත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම