චීන රජයේ පළමු සහනාධාර තොගය තුර්කියට ළඟා වේ
2023-02-13 09:34:03
Share with:

චීන රජය තුර්කියට සපයන ආපදා සහනාධාර පළමු තොගය ඉස්තාන්බුල් ගුවන්තොටුපළට ළඟා වේ.

භූමිකම්පාවෙන් විපතට පත් තුර්කි ජනතාවට සහාය වීම සඳහා චීන රජය පිරිනමන පළමු සැපයුම් තොගය රැගත් දෙවැනි සහ තුන්වැනි ගුවන් යානා තුර්කියේ ඉස්තාන්බුල් ගුවන් තොටුපළ වෙත ඊයේ(12) ළඟා විය. ඒ අනුව, චීන රජයේ පළමු සහනාධාර තොගය සම්පූර්ණයෙන්ම තුර්කියට පැමිණ ඇත.

ආපදාවට පත් ප්‍රදේශවලට අවශ්‍ය කූඩාරම් හා උණුසුම් පොරෝනා ආදිය මීට ඇතුළත් වේ. තුර්කි හදිසි ආපදා කළමනාකරණ ඒජන්සිය ඊයේ(12) නිකුත් කළ නවතම දත්තවලට අනුව, භූමිකම්පාවෙන් එරට 29605 දෙනෙකු  ජීවිතක්ෂයට පත් ව ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම