යුක්රේනයට අවිආයුධ විශාල ප්‍රමාණයක් සැපයීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අවි ගබඩාවේ හිඟයක්
2023-02-13 10:29:22
Share with:

යුක්රේනයට අවිආයුධ විශාල ප්‍රමාණයක් සැපයීම නිසා බ්‍රිතාන්‍ය අවි ගබඩාවේ හිඟයක් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂක වියදම් ප්‍රමාණවත් නොවීම සහ යුක්රේනයට අවි විශාල ප්‍රමාණයක් සැපයීම නිසා බ්‍රිතාන්‍යයේ හමුදා භටයන්, පතොරම් සහ යුද උපකරණවල හිඟයක් හටගෙන ඇතැයි, DailyMail පුවත්පත ඊයේ(12) වාර්තා කළේය. එරට වත්මන් යුද භටයන් සංඛ්‍යාව, අසූව දශකය ආරම්භයේ පැවති තත්ත්වය හා සැසඳීමේ දී අඩකටත් වඩා අඩු අගයක පවතින අතර, ප්‍රධාන යුද ටැංකි සංඛ්‍යාව එම කාලයේ පැවති ප්‍රමාණයට වඩා පහෙන් එකකටත් වඩා අඩු වී ඇත.

බ්‍රිතාන්‍ය රජය නිකුත් කළ දත්තයන්ට අනුව, ඇමරිකාවට පසුව යුක්රේනයට යුදමය අනුබලය ලබා දී ඇති දෙවැනි විශාලතම රට වන්නේ බ්‍රිතාන්‍යයයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍යය, යුක්රේනය වෙත පවුම් කෝටි 230ක වටිනාකමකින් යුත් යුදමය ද්‍රව්‍ය සපයා ඇත. යුක්රේන යුද භටයන් 10,000ක් බ්‍රිතාන්‍යය පුහුණු කර ඇති අතර, මෙම වසරේ තවත් 20,000ක් පුහුණු කිරීමට ද සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම