ලොව විශාලතම ඔත්තු ‍බලන්නා හා අධීක්ෂණ අධිපති රට ඇමරිකාවයි
2023-02-13 18:40:02
Share with:

ඇමරිකාව ලොව විශාලතම ඔත්තු ‍බලන්නා හා අධීක්ෂණ අධිපති රට බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා පවසයි.

අද(13) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී වං වෙන්බින් මහතා එසේ පැවසුවේ චීනයේ සිවිල් බැලූනයක් පාලනයෙන් තොරව ඇමරිකාවේ ගුවන් සීමාවට ඇතුළු වීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. එය පාලනය කළ නොහැකි සාධක‍ ‍හේතුවෙන් සිදු වූ අහඹු සිදුවීමක්  බවත්  ඇමරිකාව චීනයේ එම බැලූනයට ප්‍රහාර එල්ල කිරීම පමණ ඉක්මවා යාමක් බවත් ඔහු සඳහන් කළේය. 

දිගු කාලයක් පුරා ඇමරිකාව තාක්ෂණික වාසී අයුතු ලෙස යොදා ගනිමින් සිය සන්ධාන රටවල් ඇතුළු ලෝකයේ සෙසු රටවලට රහසේ සවන්දීම හා රහස් සොරකම් කිරීම විශාල පරිමාණයෙන් සිදු කර ඇත. ලොව විශාලතම ඔත්තු ‍බලන්නා හා අධීක්ෂණ අධිපති රට යන්න, ඇමරිකාවට සුදුසු ම හැඳින්වීමක් බව ද වං වෙන්බින් මහතා කියා සිටි‍යේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම