වී අස්වැන්න සඳහා කිලෝග්‍රෑම් 1 කට රුපියල් 100ක මිලක් නියම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ජනපති කියයි
2023-02-12 16:17:19
Share with:

ගොවීන්ගේ වී අස්වැන්න සඳහා කිලෝග්‍රෑම් 1 කට රුපියල් 100ක මිලක් නියම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (12) පෙරවරුවේ කිලිනොච්චිය ප්‍රදේශයේදී ගොවීන් හමුව අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එම වැඩසටහන සතියක් තුළ ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ගුරුගොඩැල්ල ප්‍රදේශයේ කුඹුරු අක්කර 100ක් පමණ කහපැහැ ගැන්වීමේ රෝගයට ගොඳුරුවීමෙන් ගොවීහූ දැඩි දුෂ්කරතාවට මුහුණ පා සිටිති.

බණ්ඩි පොහොර නිසි කලට නොලැබීමෙන් මෙම තත්ත්වය උදා වී ඇති අතර විනාශ වු ගොයම් වගාවට සාධාරණ වන්දි මුදලක් ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම