සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිත කිරීම සීමා කරන ලෙසට උපදෙස්
2023-02-12 16:16:29
Share with:

සියලු රාජ්‍ය ආයතනවල සංචිත වාහන භාවිත කිරීම අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් සීමා කරන ලෙසට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා සියලු ප්‍රධානීන්ට දැනුම් දෙයි.

මාර්ගගත ක්‍රමවේද හැකිතාක් භාවිත කරමින් රැස්වීම් සම්මන්ත්‍රණ සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රවාහන අවශ්‍යතා පැනනැගීම සීමා කිරීමට කටයුතු කළ යුතු බවටද දැනුම් දී ඇත.

එමෙන්ම කලාප, ප්‍රාදේශීය, උප කාර්යාල මගින් පහසුවෙන් ආවරණය කළ හැකි රාජකාරි හා සේවා අවශ්‍යතා වෙනුවෙන් රේඛීය අමාත්‍යංශය විසින් ප්‍රවාහන පහසුකම් සඳහා වියදම් දැරීම අවම කරන ලෙසට ද නියම කර ඇත.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම