සියවසක් තුළ කලාපයේ සිදුවූ දරුණුම ඛේදවාචකය තුර්කි සහ උතුරු සිරියා භූමිකම්පා බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි
2023-02-12 17:06:58
Share with:

තුර්කි සහ උතුරු සිරියා භූමිකම්පා සියවසක් තුළ කලාපයේ සිදුවූ දරුණුතම ඛේදවාචකය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානයේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සේවා සම්බන්ධීකාරක මාටින් ග්‍රිවිත්ස් මේ බව සඳහන් කළේ තුර්කියේ කර්මනමාරස් පලාතේ දී වාර්තාකරුවන් අමතමිනි.රටවල් සියයකට අධික සංඛ්‍යාවකින් හදිසි ප්‍රතිචාර කණ්ඩායම් තුර්කිය වෙත යොමු කර ඇති අතර තවත් වැඩි පිරිසක් අවශ්‍ය බවද හෙතෙම කීය.භූමිකම්පාවලින් බලපෑමට ලක්වූ පුද්ගලයන් වෙත සහාය වන නියොජිතායතන සඳහා මූල්‍යාධාර ලබාදීම වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට එක්සත් ජාතීන් බලාපොරොත්තු වන බව ද මාටින් ග්‍රිවිත්ස් මහතා සඳහන් කළේ ය.එම ඛේදවාචකයෙන් මේ දක්වා මියගිය පිරිස 22327කි. අසූ දහසකට අධික පිරිසක් තුවාල ලබා සිටිති.ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් තුර්කියේ පලාත් 7ක තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

 

 

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම