යුක්රේනය සමග සාකච්ඡා සඳහා තමන් තවදුරටත් විවෘත බව රුසියාව කියයි
2023-02-12 16:14:43
Share with:

යථා තත්ත්වයන් මත යුක්රේනය සමග සාකච්ඡා පැවැත්වීමට රුසියාව කැමැත්ත පළ කරයි.

රුසියා විදේශ උප ඇමති Sergei Vershinin මහතා මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් මේ බව පැවසීය. සංවාද ඔස්සේ අර්බුදය අවසන් වීමට රුසියාව සූදානමින් සිටී. ‍එහෙත් යුක්රේනයේ පූර්ව කොන්දේසි වෙනුවට රුසියාව ඉදිරිපත් කළ ඉලක්ක සලකා බලමින් සාකච්ඡාව යථා තත්ත්වයන් මත පැවැත්විය යුතු බව හෙතෙම අවධාරණය කළේය. යුක්රේන පාර්ශ්වයේ සාධක හේතුවෙන් මීට පෙර බෙලරුසියාවේ හා තුර්කියේ පැවති සාකච්ඡා නතර වී තිබේ. රුසියාව සමග සාකච්ඡා පැවැත්වීම තීරණය කරනුයේ යුක්රේනය නොව  ඇමරිකාව හා යුරෝපා සංගමය බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම