විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල ඉහළයාමක්
2023-02-12 16:18:03
Share with:

විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල ඉහළයාමක් සිදුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. ඉකුත් ජනවාරී මාසයේදී විදේශගත ප්‍රේෂණවල වටිනාකම අමෙරිකානු  ඩොලර් මිලියන 437 යි දශම පහක් ලෙස සටහන් විය. එය ඉකුත් වසරේ ජනවාරී මාසයේ සටහන් වුයේ අමෙරිකානු ඩොලර් මිලියන 259 යි දශම දෙකක් ලෙසය. ඉකුත් වසරේ ජනවාරී මාසයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ විදේශ ප්‍රේෂණ සියයට 68 යි දශම 8 කින් හෙවත් ඩොලර් මිලියන 178 යි දශම 3 කින් ඉහළ ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම