චීනය හා නිකරගුවාව අතර සබඳතා වර්ධනීය දිශාවට
2023-02-12 17:01:22
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විදේශ කටයුතු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ වං යී මහතා නිකරගුවා ජනාධිපති කාර්යාලයේ  ආයෝජන, වෙළඳ සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ උපදේශක ලෝරේනෝ ඔර්ටෙගා මහතා හමුවෙයි .

 වසරකට වැඩි කාලයකට පෙර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ආරම්භ කිරීමෙන් පසු චීනය සහ නිකරගුවාව ලබා ඇති ප්‍රගතිය වං යී මහතා එහිදී පැසසුමට ලක් කළේය. දෙරටේ නායකයින්ගේ උපාය මාර්ගික මගපෙන්වීම් යටතේ චීනය සහ නිකරගුවාව අතර සහයෝගිතාව ශීඝ්‍රයෙන් ඉදිරියට ගොස් තිබේ. එය චීන-ලතින් අමෙරිකා සබඳතාවල පෙරමුණ ගැනීමක් බව ද වං යී මහතා පැවසීය.

ද්විපාර්ශ්වික සබඳතා නැවත ආරම්භ කිරීම ඉතිහාසයේ ප්‍රවණතාවට ගැලපෙන අතර, ද්විපාර්ශ්වික සබඳතාවල සර්වාකාරයේ සංවර්ධනයන් වෙනුවෙන් අපේක්ෂාවන් විවර වනු ඇතැයි ද හෙතෙම කීය.

ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට චීනය දරන උත්සාහයට නිකරගුවාව දැඩි ලෙස සහාය වන බවත් බාහිර මැදිහත්වීම්වලට විරුද්ධ බවත් නිකරගුවා ජනාධිපති කාර්යාලයේ  ආයෝජන, වෙළඳ සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ උපදේශකයා සඳහන් කළේය.චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් සහ ගෝලීය සංවර්ධන මුලපිරුමට නිකරගුවාව සහාය පළ කරන බවත් හෙතෙම අවධාරණය කළේ ය.

 

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම