"North Stream" ගෑස් නල මාර්ගයේ පිපිරීම සම්බන්ධයෙන් ඇමරිකාව සත්‍ය හෙළිදරව් කළ යුතු බව අවධාරණය කෙරේ
2023-02-11 16:51:30
Share with:

               

                පසුගිය දා ඇමරිකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී Seymour Hersh වාර්තාවක් පළ කිරීමත් සමග "North Stream" ගෑස් නල මාර්ගය යළි ලෝකයාගේ අවධානයට ලක් වී තිබේ. Seymour Hersh ගේ එම වාර්තාව බොහෝ සවිස්තරාත්මක කරුණු පදනම් කරගනිමින් බයිඩන් රජය ඉතා සැලැසුම් සහගත ව  "North Stream" ගෑස් නල මාර්ගය පුපුරුවා හැරීමට කටයුතු කළ බව සඳහන් කර ඇත. ඇමරිකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට චරිතයක් වශයෙන් Seymour Hersh හෙළිදරව් කළ කරුණු පිළිබඳ සැලකිය යුතු අවධානයක් යොමු කළ යුතු බව බොහෝ වි‍ශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.

                "North Stream" ගෑස් නල මාර්ගය, රුසියාව හා යුරෝපා රටවල් ඒකාබද්ධ ව ආයෝජනය කළ ව්‍යාපෘතියකි. රුසියාව හා යුක්රේනය අතර ගැටුම් තව තවත් උග්‍ර වෙමින් පවතින පසුබිම යටතේ රුසියාවේ සිට යුරෝපා රටවලට ස්වාභාවික ගෑස් ප්‍රවාහන කෙරෙන එම නල මාර්ගය පුපුරුවා හැරීමෙන් ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් සිදු විය. නල මාර්ගයට සිදු වූ හානි පිළිබඳව සමීක්ෂණයක් පවත්වන ලෙස රුසියාව බොහෝ වර ඉල්ලා සිටියද යුරෝපා සංගමය හා ඇමරිකාව ඊට වචනයෙන් එකඟ වුව ද ක්‍රියාවෙන් ඉටු නොකළේ ය.

             මේ වන විට රුසියා-යු‍ක්රේන ගැටුම තුළින් ඇමරිකාව දේශපාලනික වශයෙන් පමණක් නොව ආර්ථික වශයෙන් ද විශාල වාසි ලබාගෙන ඇත. රුසියා-යු‍ක්රේන මතුව   ඇති බලශක්ති අර්බුදය හමුවේ ඇමරිකානු බලශක්ති ව්‍යවසායන් යුරෝපයෙන් විශාල මූල්‍ය වාසි අත්කරගෙන තිබෙන බව රහසක් නොවේ. "North Stream" ගෑස් නල මාර්ගය පුපුරුවා හැරීමෙන් ‍ගෝලීය බලශක්ති වෙළඳ පොල හා ජෛව පරිසරයට බරපතල සෘණාත්මක බලපෑම් එල්ල වී ඇත. Seymour Hersh මාධ්‍යවේදියා කළ වාර්තාව ඉදිරියේ වෙනත් අවස්ථාවල ඉතාම ක්‍රියාශීලි වන බටහිර මාධ්‍ය දැන් සිටින්නේ නිහඬව ය. "North Stream" ගෑස් නල මාර්ගය සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකය ඉදිරියේ වගකීම් සහගත ව කරුණු පැහැදිලි කරන ලෙස විවිධ පාර්ශ්ව  ඉල්ලා සිටිති.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම