චීන පාරිභෝගික ඉල්ලුම වේගයෙන් යථා තත්ත්වයට
2023-02-11 16:28:37
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ඊයේ(10) මෙම වසරේ ජනවාරි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය  සහ කාර්මික නිෂ්පාදක මිල දර්ශකය  නිකුත් කළේය.

ජනවාරි මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය කාලසීමාවට වඩා 2.1% කින් ඉහළ ගොස් ඇති අතර, කාර්මික නිෂ්පාදක මිල දර්ශකය පසුගිය වසරේ සමාන කාලසීමාවට වඩා 0.8% කින් පහළ ගොස් ඇත.

චීනයේ දැවැන්ත පාරිභෝගික ඉල්ලුම යථා තත්ත්වයට පත් වී ඇති අතර, මෙය ගෝලීය වෙළඳපොලේ සැපයුම කෙරෙහි ධනාත්මක බලපෑමක්  එල්ල කරනු ඇති බව, විශේෂඥයෝ පවසති.

චීනයේ ජනවාරි මාසයේ එම දර්ශකවල දත්ත මගින් උද්ධමනයේ ස්ථාවර  මට්ටමක් පවතින බවත්, මූල්‍ය ප්‍රතිපත්තිය මගින් ආර්ථික ප්‍රකෘතිය සඳහා තවදුරටත් ගම්‍යතාවක් ලබා දෙනු ඇති බවත්, Bloomberg පුවත් ඒජන්සිය වාර්තා කළේ ය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම