තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව විසි දහසක් දක්වා ඉහළට
2023-02-11 18:44:19
Share with:

තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව විසි දහස ඉක්මවයි.තුවාල ලැබූ සංඛ්‍යාව අසූ දහස ඉක්මවා ඇතැයි ද තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.වැඩිම ජීවිත හානි වාර්තා වී ඇත්තේ  එරට හටේ පලාතෙනි. එහි මියගිය සංඛ්‍යව 6 දහස ඉක්මවන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 18 දහසක් පමණ වෙති. සුන්බුන් අතර සිටි 20 දහසක පමණ පිරිසක් බේරා ගැනීමට සහන සේවකයෝ සමත්වූහ. එවුන් සෙසු පලාත් වෙත මාරුකර යවා ඇතැයි ද හෙතෙම කීය.මෙතෙක් අනන්‍යතාව තහවුරු කර නොමැති තුවාල කරුවන් ගේ ඡායාරූප විශේෂ මෘදුකාංගයක් වෙත ‍ප්‍රවේශ කර අදාළ ගැලපීම් සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම