චීන සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡාවක්
2023-02-11 16:48:18
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී කච්‍යන් මහතා කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් මහතා  සමඟ සාකච්ඡාවක නිරත වෙයි.

චීන  සාම්ප්‍රදායික නව වසර උදාවෙන් පසු බෙයිජිං වෙත පැමිණි කාම්බෝජ අග්‍රමාත්‍යවරා චීන අගමැතිවරයා විසින් සාදරයෙන් පිළිගනු ලැබිණ. වසර 65 කට පෙර චීනය සහ කාම්බෝජය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ දා සිට දෙරට අතර අන්‍යෝන්‍ය ගෞරවය සහ සමාන සැලකීමේ පදනම මත සබඳතා වර්ධනය වී ඇති බව චීන අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

චීනය කාම්බෝජය සමඟ සබඳතාවලට විශාල වැදගත්කමක් ලබා දෙයි.කාම්බෝජයේ ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් තෝරා ගැනීම සඳහා  කාම්බෝජයට සහාය  වන බවද චීන අගමැතිවරයා කීය.

දෙරට අතර උපායමාර්ගික සන්නිවේදනයන් වැඩි දියුණු කළ යුතුය. මූලික අවශ්‍යතා සහ ප්‍රධාන ගැටළු සම්බන්ධයෙන් එකිනෙකාට ස්ථිරව සහයෝගය දැක්විය යුතු අතර ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කරමින් දෙරටේ ජනතාවට තවදුරටත් ප්‍රතිලාභ ලබා දීම සඳහා ජනතාව අතර හුවමාරු  වර්ධනය කළ යුතු බවද චීන අගමැති ලී කච්‍යන් මහතා පැවසීය. චීන කාම්බෝජ නිදහස් වෙළඳ ගිවිසුමේ පූර්ණ ප්‍රතිලාභ වෙනුවෙන් දෙරට ක්‍රියා කිරීමේ අවශ්‍යතාවද හෙතෙම පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වූ කාම්බෝජ අගමැතිවරයා චීන සංචාරකයන් කාම්බෝජය වෙත සාදරයෙන් පිළිගන්නා බව පැවසීය.චීනය සමග සහයෝගතා තවදුරටත් පුළුල් කිරීමට සූදානම් බව ද හෙතෙම සඳහන් කළේය.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම