මාස කිහිපයක් ගත වන විට ආර්ථිකය වඩාත් යහපත් වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කරයි
2023-02-11 15:18:54
Share with:

පසුගිය වසරේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබූ පසුබිමක මෙම වසර ආරම්භ කළේ ඉතා අසීරුතා මධ්‍යයේ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. නමුත් මේ වන විට ක්‍රමානුකූලව රට ශක්තිමත් වෙමින් පවතී. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවේ පළමු වරට එකලස් කරන ලද හයි හුන්ඩයි ග්‍රෑන්ඩ් අයි ටෙන් මෝටර් රථය කොළඹ සිටි සෙන්ටර් හිදී පළමු වරට වෙළඳපොළට හඳුන්වා දීමේ අවස්ථාවට එක්වෙමිනි. ජනප්‍රිය තීරණවලින් රටක් දියුණු කළ නොහැකි අතර රටේ ඉදිරි ගමන වෙනුවෙන් ජනප්‍රිය නොවන එහෙත් රටට හිතකර අසීරු තීරණ ගැනීමට සියලු දේශපාලන නායකයින් කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

තවත් මාස කිහිපයක් ගත වන විට ආර්ථිකය වඩාත් යහපත් වනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම