ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ නියෝජිත පිරිසක් ළඟදීම ශ්‍රී ලංකාවට
2023-02-11 15:21:31
Share with:

චීනය මහරගම අපේක්ෂා රෝහලට සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට  ඖෂධ තොගයක්  පරිත්‍යාග කරයි .එහි වටිනාකම රුපියල් මිලියන 04 කි.

එම පරිග්‍යාග කිරීමේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග්හොන්ග් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ නව ආයෝජන සිදුකිරීම සඳහා ඇති අවස්ථා සොයා බැලීමට චීන රජයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවයි.

එළඹෙන මාසයේදී එම  සංචාරය සිදුවනු ඇති බව හෙතෙම කීය.

චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයට හානි සිදුකළ හැකි යම් යම් බාහිර සාධක තිබිය  හැකි නමුත් ඉන් දෙරට අතර මිත්‍රත්වය පළුදු නොවනු ඇතැයි  තමා විශ්වාස කරන බවද චීන තානාපතිවරයා කීය.

 චීන රජය සහ එහි අනෙකුත් ආයතන සියල්ල ශ්‍රී ලංකාවට සහායදීමට සූදානම් බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම