ශ්‍රීලංකන් ගුවන් සමාගම අප්‍රේල් පළමු සතියේ සිට චීනය වෙත සිදු කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරයි
2023-02-10 18:54:58
Share with:

චීනය  කොරොනා පාලන පියවර ප්‍රති සකස් කිරීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සමාගම  අප්‍රේල් පළමු සතියේ  සිට චීනයේ  ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා තුන් වතාවක් වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව සිටී. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙස  චීනය හැදින්විය හැකි අතර  කොවිඩ් වසංගතයට පෙර ශ්‍රීලංකන් හි ප්‍රමුඛතම විවේක සංචාරක ගමනාන්තක් ලෙස ද චීනය සැලකිණ. ශ්‍රීලංකන් නැවත මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ චීනයේ  සිට නැවත සංචාරක කර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2023 අප්‍රේල් 3 වන දින ෂැංහයි වෙත සෑම සඳුදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකම කොළඹ සිට ෂැංහයි දක්වා ගුවන් ගමන්  සිදු කරන අතර කොළඹ සිට බීජිං දක්වා සෑම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල  ගුවන් ගමන් සිදු කෙරේ.

ග්වන්චෝ ‍වෙත දැනට සිදු කෙරෙන සතිපතා ගුවන් ගමනක් ක්‍රියාත්මක අතර එයද සතියට ගුවන් ගමන් වාර 3 ක් දක්වා දීර්ඝ කිරීමට සමාගම පියවර  ‍ගෙන තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම