චීනයේ සංවර්ධන ජයග්‍රහණ ගෝලීය ආර්ථික වර්ධනයට පිටුබලය සපයනු ඇත
2023-02-10 09:23:46
Share with:

අතිශය අභියෝගාත්මක අවස්ථාවක පවා තම අරමුණින් බැහැර නොවී, දිගුකාලීන සැලසුම් ඔස්සේ සාර්ථකත්වය අත්කර ගන්නේ කෙසේද යන්න චීනය යළිත් ලොවට පසක් කරමින් සිටින බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ෂර්ලි අනිල් ද සිල්වා මහතා පවසයි. මෑතකාලීනව චීනය සාක්ෂාත් කළ සංවර්ධන ජයග්‍රහණ මෙය මනාව පිළිබිඹු කිරීමකි.

වසංගතයෙන් පසු ආර්ථික ප්‍රකෘතිමත්භාවය අත්කර ගනිමින් සිටින චීනය මේ වසරේ 5.2% ක ආර්ථික වර්ධනයක් අත්කර ගනු ඇතැයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා නිකුත් කළ ‘ලෝක ආර්ථික දැක්මෙන්’පුරෝකථනය කර ඇත. එය ගෝලීය ආර්ථිකයේ වර්ධන අපේක්ෂාවන් වැඩිදියුණු කරනු ඇති බව ද එම වාර්තාවේ දැක්වෙයි. මෙය චීනයේ ආර්ථික ශක්‍යතාවන් හි දියුණුව හා තිරසරභාවය පිළිබඳ මනා සහතිකයක් බව ෂර්ලි අනිල් ද සිල්වා මහතා පවසයි.

එසේම මෙම තත්ත්වය ලොවට වඩාත් හිතකර වන්නේ, ලොව ප්‍රමුඛ පෙළේ සැපයුම්කරුවෙකු වන චීනය ගෝලීය සැපයුම් ජාලයේ අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන් ලබාදෙන ප්‍රබල දායකත්වය නිසාය. රුසියානු - යුක්රේන අර්බුදය සහ වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල් ආර්ථිකමය වශයෙන් අයහපත් තත්ත්වයන්ට මුහුණ පා සිටී.  චීනයේ තිරසර සංවර්ධනය මෙම ගෝලීය අර්බුදයන්ට විසඳුම් හා අවස්ථා නිර්මාණය කරදෙනු ඇත.

වසංගතය පැවති අවදියේ පවා චීනය  සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක  ‘එක් තීරයක්-එක් මාවතක්’ව්‍යාපෘති ද නවතා දැමුවේ නැත. වසංගත පාලන ප්‍රතිපත්ති ලිහිල් කිරීමත් සමග මෙම ව්‍යාපෘති පුළුල් ධාරිතාවකින් යුතුව වඩාත් සක්‍රිය වී තිබේ. එසේම වෙනත් විදෙස් ආයෝජන පුළුල් කිරීමට ද චීනය පියවර ගනිමින් සිටී. චීනය තුළ විදෙස් ආයෝජකයන්ට ලබාදෙන ඉඩකඩ විශාල ලෙස වැඩිකෙරෙන අතර, මෙය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රබල වාසි අත්කර දෙනු ඇතැයි ද, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී  ෂර්ලි අනිල් ද  සිල්වා මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම