නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන 20 වැනිදා සිට
2023-02-10 18:57:00
Share with:

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්‍ෂිත පැකට්ටු භාර ගැනීමේ කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු ලබන 20 වැනිදා සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා කියා සිටී. තේරීම්භාර නිලධාරීන් විසින් ලබන 19 වැනිදා සිට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම සිදු කරනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම