චීන ගගනගාමීහු අභ්‍යවකාශය මත ඇවිදිති
2023-02-10 09:22:07
Share with:

චීනයේ ෂෙන්චෞ 15 අභ්‍යවකාශ යානයේ ගගනගාමීහු සාර්ථකව අභ්‍යවකාශය මත ඇවිදිති. අද (10) අලුයම 0:16 ට, Fei Junlong, Deng Qingming සහ Zhang Lu යන ගගනගාමීන් තිදෙනා පැය 7ක පමණ සම්බන්ධීකරණයකින් පසු, පළමු අභ්‍යවකාශ ඇවිදීමට අදාළ සියලු කාර්යයන් සාර්ථකව නිම කර තිබේ. මේ වන විට Fei Junlong සහ Zhang Lu යන ගගනගාමීන් දෙදෙනා ආරක්ෂිතව Wentian පර්යේෂණාත්මක මොඩියුලයට ඇතුළු වී ඇති අතර, මොඩියුලයෙන් පිටත ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන්ම සාර්ථක වී ඇත.

ගගනගාමීන් අභ්‍යාවකාශ ඇවිදීම අතරතුර, Mengtian මොඩියුලයේ පිටත විශාලනය කිරීමේ පොම්ප කට්ටලය සවිකිරීම ඇතුළු කාර්යයන් නිසිපරිදි නිම කර තිබිණ. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් වීමෙන් පසු ගගනගාමීන් සිදුකළ පළමු අභ්‍යවකාශ ඇවිදීම මෙයයි. ඉදිරියේ දී ගගනගාමීන් එක්වන තවත් අභ්‍යවකාශ ඇවිදීම් කිහිපයක් ද සැලසුම් කර තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම