කාම්බෝජය සමග පූර්ණ උපායමාර්ගික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමට චීනයේ කැමැත්ත
2023-02-10 19:02:56
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශ සාමාජික විදේශ කටයුතු පිළිබඳ කමිටු කාර්යාල අධ්‍යක්ෂ වං යී මහතා හා චීන විදේශ ඇමති Qin Gang මහතා වෙන් වෙන් ව චීනයේ නිල සංචාරයක නිරත වන කාම්බෝජ උප අගමැති විදේශ අමාත්‍ය Prak Sokhonn මහතා හමු විය. වං යී මහතා ‍ඊයේ(9) පැවති එම හමුවේදී පැවසුවේ ජාත්‍යන්තර තත්ත්වය වෙනස් වුව ද චීන කාම්බෝජ මිතුදම තිරසරව ස්ථීර තත්ත්වයක පවතින බවයි. කාම්බෝජය සමග දෙරටේ පූර්ණ උපාය මා‍ර්ගික හවුල්කාරී සබඳතාව වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව වං යී මහතා කීවේය.

කාම්බෝජ උප අගමැති Prak Sokhonn මහතා සමග අද(10) පැවති හමුවේදී චීන විදේශ ඇමති Qin Gang මහතා පැවසුවේ චීනය සාමකාමී වර්ධන මාර්ගය හා අන්‍යෝන්‍ය වාසි සහගත මෙන්ම පොදු ජයග්‍රහණය සහිත විවෘත උපාය මාර්ගය අනුගමනය කරන බවයි. කාම්බෝජය ඇතුළු ආසියන් සංගමයේ සාමාජික රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා ගැඹුරු කරමින් ජගත් ප්‍රජාවේ සාධාරණත්වය හා යුක්තිය රැක ගැනීමට චීනය ක්‍රියා කරනු ඇත.

චීන කාම්බෝජ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ 65 වැනි සංවත්සරය හා චීන කාම්බෝජ මිත්‍රශීලි වසර පදනම් කර ගෙන විවිධ ක්ෂේත්‍ර වල හුවමාරු හා සහ‍යෝගිතා පුළුල් කිරීමට කාම්බෝජය අපේක්ෂා කරයි. ජාත්‍යන්තර කටයුතු අතින් චීනය දරා ඇති වැදගත් දායකත්වය කාම්බෝජය ඉහළින් අගය කරන බව ද Prak Sokhonn මහතා කීවේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම