තුර්කියට සහ සිරියාවට සපයන සහනාධාර කඩිනම් ප්‍රවාහනයට චීනයෙන් පියවර
2023-02-10 10:04:42
Share with:

චීනය තුර්කියට හා සිරියාවට සපයන ආධාර ප්‍රවාහනය කඩිනම් කරයි.

තුර්කියේ හා සිරියාවේ ආපදා ප්‍රදේශවලට සහනාධාර  හැකි ඉක්මනින් සැපයීම සඳහා චීන වාණිජ අමාත්‍යංශය අදාළ සහන ද්‍රව්‍ය ප්‍රවාහන කටයුතු වේගයෙන් සම්බන්ධීකරණය කරමින් සිටින බව එම අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ(9) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවාය.

සිරියාවට දැනටමත් තිරිඟු ටොන් 220 ක් පිටත් කර ඇති අතර ඉතිරි සහල් හා තිරිඟු ටොන් 3000කට අධික ප්‍රමාණයක් නුදුරේදී ප්‍රවාහනය කරනු ඇතැයි ඇය සඳහන් කළාය.

තුර්කියේ හා සිරියාවේ සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් චීනය විශේෂ අවධානය යොමු කර ඇත. ජීවිතක්ෂයට පත්වූවන් වෙත ශෝකය පළ කරන අතර ඔවුන්ගේ ඥාතීන් සහ තුවාල ලැබූවන් වෙත අවංක සංවේගය පළ කරන බවත් Shu Jueting මහත්මිය ප්‍රකාශ කළාය.

තුර්කියේ සහ සිරියාවේ ඇති චීන වාණිජ ආයතන සහ ව්‍යාපාර, ආපදා ප්‍රදේශවලට සහනාධාර හා පහසුකම් සපයමින් ආපදා සහන කටයුතුවලට එක්ව ක්‍රියා කිරීම‍ චීන රජය දිරිමත් කරමින් ඊට අනුබලය දක්වන බව ද ඇය තවදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම