"North Stream" ස්වාභාවික ගෑස් නල මාර්ගය පුපුරුවා හැරීම සම්බන්ධයෙන් ඇමරිකාව කරුණු පැහැදිලි කළ යුතු බව චීනය අවධාරණය කරයි
2023-02-10 18:52:47
Share with:

"North Stream" ස්වාභාවික ගෑස් නල මාර්ගය පුපුරුවා හැරීම සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකය ඉදිරියේ වගකීම් සහගත ව කරුණු පැහැදිලි කළ යුතු බව චීනය අවධාරණය කරයි.

ඇමරිකාවේ ප්‍රවීණ මාධ්‍යවේදී Seymour Hersh පළ කළ වාර්තාවකට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ රුසියාවේ සිට යුරෝපා රටවලට ස්වාභාවික ගෑස් ප්‍රවාහන කෙරෙන "North Stream" ගෑස් නල මාර්ගය ඇමරිකාවේ බුද්ධි අංශ හා හමුදා භටයන් විසින් රහසිගත ව පුපුරුවා හරිනු ලැබිණ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය අද (10) මේ සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ Seymour Hersh මාධ්‍යවේදියා කළ වාර්තාව සත්‍ය නම් ඇමරිකාව කළ එම විනාශය පිළිගත නොහැකි ක්‍රියාවක් බවයි. එම ගෑස් නල මාර්ගය පුපුරුවා හැරීමෙන් ‍ගෝලීය බලශක්ති වෙළඳ පොල හා ජෛව පරිසරයට බරපතල සෘණාත්මක බලපෑම් එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් ඇමරිකාව ලෝකය ඉදිරියේ වගකීම් සහගත ව කරුණු පැහැදිලි කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව පෙන්වා දුන්නා ය.

ගුවන් විදුලිය
20240415සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම