ඇමරිකාව සම්බාධක සහ "දිගු හස්ත අධිකරණ බලය" යෙදවීම අත්හල යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
2023-02-10 19:22:25
Share with:

ඇමරිකාව නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක සහ "දිගු හස්ත අධිකරණ බලය" භාවිත කිරීම නතර කළ යුතු බවත්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස ඇමරිකාව සිය ජාත්‍යන්තර වගකීම් ඉතා ඕනෑකමින් ඉටු කළ යුතු බවත්, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(10) මාධ්‍ය හමුවකදී, ඇමරිකාව හා ජපානය යන රටවල් අර්ධ සන්නායක නිෂ්පාදන චීනයට අපනයනය කිරීම සීමා කිරීම  සම්බන්ධයෙන් අදහස් දක්විමන් මේ බව පැවසුවාය.

ඇමරිකාව මෑතකදී ජපානය සහ නෙදර්ලන්තය සමඟ එකඟවූ ගිවිසුම්වලට අනුව,  චීනය සිදු කරන අර්ධ සන්නායක ආශ්‍රිත අපනයන පාලනයන්, ජපන් හා නෙදර්ලන්ත සමාගම් වෙත ඇමරිකාව විසින් ව්‍යාප්ත කර තිබේ.

මේ පිළිබඳ Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, ආර්ථික හා තාක්ෂණික නායකත්වය පවත්වා ගැනීම සඳහා, අපනයන පාලන ඇමරිකාව අනිසි ලෙස භාවිත කරන බවයි. මෙය ඇමරිකාව සැමවිටම ප්‍රචාරණය කර ඇති වෙළඳපල ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරිත්ව මූලධර්මවලට පටහැනි.

2021 මූල්‍ය වර්ෂය වන විට, ඇමරිකා‍ව පනවා ඇති  සමස්ත සම්බාධක සංඛ්‍යාව 9,400කට අධිකය. ඇමරිකානු "දිගු-හස්ත අධිකරණ බලය" සඳහා චීනය, රුසියාව, ඉරානය, කියුබාව සහ තවත් බොහෝ රටවල් සම්බන්ධ කර ඇති බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම