ජනවාරි මස චීනයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සියයට 2.1කින් ඉහළට
2023-02-10 11:25:33
Share with:

මේ වසරේ ජනවාරි මස චීනයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය (CPI) පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා සියයට 2.1කින් ඉහළ ගොස් ඇති බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය ප්‍රකාශ කරයි.

විශ්ලේෂණයන්ට අනුව, ජනවාරි මාසයේ දී එම දර්ශකයේ ඉහළ අගයක් වාර්තා වීමට, චීනයේ වසන්ත උත්සවය උදා වීම සහ වසංගත පාලන ප්‍රතිපත්ති වෙනස් වීම ඇතුළු සාධක හේතු වී ඇත.

මේ අතර, ජනවාරි මාසයේ චීනයේ ආහාර මිල පසුගිය වසරේ සමාන කාලයට වඩා සියයට 6.2කින් ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන මිල සියයට1.2කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම බලශක්ති මිල ද සියයට 3කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර බොරතෙල් මිලෙහි උච්චාවචනයන් සහ චීනයේ ගල් අඟුරු මිල ගණන් පහත වැටීම යනාදී සාධක හේතුවෙන්, ජනවාරි මාසයේ චීනයේ කාර්මික නිෂ්පාදනවල මිල සමස්තයක් වශයෙන් අඛණ්ඩව පහත වැටී ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම