දේශපාලනීකරණයෙන් සහ සම්බාධකවලින් තොරව භූ කම්පනයෙන් විපතට පත්වූවන්ට සහන සැලසිය යුතුයි- එක්සත් ජාතීන්ගේ මහ ලේකම්
2023-02-10 14:16:13
Share with:

විපතට පත් වූවන් සඳහා සහාය වීමට පරිත්‍යාගශීලීන්ගෙන් ක්ෂණික ඉල්ලීමක් ලබන සතියේ දියත් කරන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා ඊයේ (09) වාර්තා කරුවන් හමුවේ පැවසීය.

එය මෑත කාලයේ සිදු වූ විශාලතම ස්වභාවික විපත් වලින් එකකි. තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයේ සැබෑ මානුෂික ස්වභාවය අප තවමත් දැක නොමැත. වයඹ දිග සිරි‍යාවේ ගැටුම් ආරම්භ වූ දා සිට අවශ්‍යතා ඉහළම මට්ටමක පැවති අතර මානුෂීය අර්බුදය මේ වන විට ඉතාමත් අයහපත් තත්ත්වයක පවතින බවද ඔහු පැවසීය. 

මෙය දේශපාලනීකරණය වීමට හෝ බෙදීමට අවස්ථාවක් නොවේ. සිරියාවේ ජනතාවට දැවැන්ත සහයෝගයක් අවශ්‍ය මොහොතේ කිසිඳු ආකාරයකින් සම්බාධක, සහන කටයුතුවලට බාධාවක් නොවිය යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම