චීන රතු කුරුස සංගමය සිරියාවට ලබා දෙන ප්‍රථම සහනාධාර තොගය ඩැමස්කස් අගනුවරට ළඟා වෙයි
2023-02-10 09:38:17
Share with:

චීන රතු කුරුස සංගමය විසින් සිරියාවට ලබා දෙනු ලැබෙන ප්‍රථම වෛද්‍ය උපකරණ සහනාධාර තොගය ඩැමස්කස් අගනගරයට ළඟා වෙයි.සිරියාවේ චීන තානාපති ශී හොන්වෙයි මහතා සහ සිරියාවේ ප්‍රාදේශීය පාලන හා පරිසර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Moutaz Douaji මහතා ගුවන් තොටුපළට පැමිණ එම සහනාධාර භාණ්ඩ පිළිගත්හ.

ආපදා තත්ත්වය හමුවේ චීනය සිරියාව සමඟ ස්ථිරව එක්ව සිටින බව චීන තානාපතිවරයා පැවසීය. මෙම වෛද්‍ය උපකරණ තොගය චීනය විසින් සිරියාවට ලබා දෙනු ලබන පළමු හදිසි සහනාධාරය වන අතර, සෙසු සහනාධාර ඉදිරියේ දී නිසි පරිදි ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

චීනයේ පරාර්ථකාමී සහය වෙනුවෙන් කෘතඥතාවය පුද කරන බවත් සිරියාව හා චීනය සියලු අසීරු අවස්ථාවන්වල දී ශක්තිමත් සහ අවංක සහයෝගීතාවයකින් බැඳී සිටින මිතුරන් බවත් Moutaz Douaji මහතා කියා සිටි‍යේය.

දකුණු තුර්කියේ හා සිරියාවේ ප්‍රබල භූමිකම්පාවක් සිදු වීමෙන් පසු චීන රතු කුරුස සංගමය එයට කඩිනමින් ප්‍රතිචාරය දක්වමින්, එම රටවල් දෙකේ රතු චන්ද්‍රවංක සමාජය වෙත හදිසි මානුෂීය මුදල් ආධාර ලබා දීමට පියවර ගෙන තිබේ. දෙරටේ මානුෂීය අවශ්‍යතාවයන්ට වැඩි අවධානයක් යොමු කරමින් හැකි උපරිමයෙන් සහය ලබා දෙන බව ද එම සංගමය ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම