ජනපති ෂී ජින් පිං මහතා සහ බටහිර වැව අතර පවතින දැඩි බැඳීම
2023-02-10 14:02:20
Share with:

Zhejiang පළාතේ Hangzhou නගරයේ පිහිටි ප්‍රකට දර්ශනීය ස්ථානයක් වන බටහිර වැවේ (The West Lake) සංරක්ෂණ ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ වූයේ 2002 වසර ආරම්භයේ දී ය. එම වසරේ  Zhejiang පළාතේ සිය රාජකාරි ආරම්භ කළ ෂී ජින් පිං මහතා, ඉන් වසරකට අඩු කාලයක් තුළ, තුන් වතාවක් බටහිර වැව ව්‍යාපෘතිය අධීක්ෂණය කර තිබේ.

කලක් චීන කොමියුනිස්ට් පක්ෂයේ Zhejiang පළාත් සභාවේ ලේකම් ධුරය හෙබවූ ෂී ජින් පිං මහතා, 2003 වසරේ සැප්තැම්බර් 27වැනි දා, බටහිර වැවේ සංරක්ෂණ ව්‍යාපෘතිය අධීක්ෂණය කරමින් මෙලෙස අදහස් දැක්වීය. ‘ සංරක්ෂණය ප්‍රමුඛස්ථානයේ තැබිය යුතුයි. බටහිර වැවේ ජෛව පරිසරය, ස්වාභාවික දර්ශන සහ පුරා වස්තු උපරිමයෙන් සුරැකිය යුතුයි. නිසි සංවර්ධන ක්‍රමවේද ඔස්සේ ඉහළ මට්ටමේ සංරක්ෂණය සාක්ෂාත් කළ යුතුමයි.’

Zhejiang හි සේවය කරන කාලය තුළ ෂී ජින් පිං මහතා බටහිර වැව් කෞතුකාගාරය ඉදිකරන ලෙස යෝජනා කළේ ය. එතැන් සිට, හෙතෙම බටහිර වැවේ සංරක්ෂණය හා සංවර්ධනය, ලෝක සංස්කෘතික උරුමයක් සතු මට්ටම දක්වා ඉහළ නංවා තිබේ. මෙම සංකල්පය, ඉදිරියේ දී බටහිර වැව ‘ ලෝක සංස්කෘතික උරුමය ’ ක්  ලෙස සාර්ථක ව අයදුම් කිරීම සඳහා ප්‍රබල පදනමක් සකසා ඇත. 

ෂී ජින් පිං මහතා හා බටහිර වැව අතර පවතින බැඳීම අද දක්වාම නොවෙනස්ව පවතී. 2016 වසරේ, ජී 20 සමුළුව චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ දී පැවැත්විණ. ඒ වනවිට චීන ජනාධිපති ධුරයට පත්ව සිටි ෂී ජින් පිං මහතා යළි බටහිර වැව නිරීක්ෂණයට පැමිණියේ ය. හෙතෙම එහිදී සඳහන් කළේ, තමා Hangzhou නගරයේ වසර 6ක්  රාජකාරි කර ඇති බවයි. එහි සුන්දරත්වය, සිරිත්-විරිත් පිළිබඳ මනා අවබෝධයක් ඇති තමා එහි සංවර්ධනය සියැසින් දුටු බව ද ෂී ජින් පිං මහතා හැඟුම්බර ව කියාසිටියේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම