යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත කඩිනමින්
2023-02-10 18:56:00
Share with:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රජය විසින් ගෙන ඒමට යෝජිත නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට කඩිනමින් ඉදිරිපත් කිරීමට තීරණය කෙරේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ පනත් කෙටුම්පත කඩිනමින් සූදානම් කරන ලෙසට අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දැනට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙනඒම සඳහා සකස් කර ඇති නව ජාතික ආරක්ෂක පනත් කෙටුම්පතට අන්තර්ගත විය යුතු කරුණු, එහි සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (9) අධිකරණ අමාත්‍යංශයේදී පැවැත්විණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම