මධ්‍යම අප්‍රිකානු ජනරජයේ චීන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වෙත චීන ජනාධිපතිවරයා ගෙන් පිළිතුරු ලිපියක්
2023-02-10 17:20:12
Share with:

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ චීන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වෙත චීන ජනාධිපතිවරයා පිළිතුරු ලිපියක් යොමු කරයි.

19 වැනි කාණ්ඩය ලෙස මධ්‍යම අප්‍රිකානු ජනරජයට සහය ලබා දෙන චීන වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(9) යොමු කළ පිළිතුරු ලිපියෙන් ඔවුන් හා විදේශ රටවලට සහය ලබා දෙන වෛද්‍යවරුන් වෙත ආචාරය දැක්වීය. විදේශ රටවලට වෛද්‍ය සේවා ලබාදීම මගින් චීන ජනතාව සාමයට ආදරය කිරීම හා ජීවිතය අගය කිරීමේ ස්වභාවය පැහැදිලිව පිළිබිඹු වේ. සිය වෘත්තීය වගකීම් ස්ථිරව සිහි තබාගෙන කරුණා ගුණය විදහා පාමින් විශිෂ්ට වෛද්‍ය ප්‍රතිකර්ම මගින් ප්‍රාදේශීය ජනතාවට සුබ සෙත ලබා දිය හැකි යැයි චීන ජනාධිපතිවරයා බලාපොරොත්තු පළ කළේය. පොදු සෞඛ්‍ය සහිත මානව ඒකකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට වඩාත් විශාල දායකත්වය දැරීමට හැකිවෙතැයි ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

ගෙවී ගිය වසර 60 තුළ චීනය රටවල් හා ප්‍රදේශ 76කට වෛද්‍යවරුන් 30 දහසක් යොමු කර ඇති අතර රෝගීන් මිලියන 290කට ප්‍රතිකාර සිදු කර තිබේ. චීනයේ මෙම දායකත්වයන් ජගත් ප්‍රජාවේ පොදු ඇගයීමට ලක්ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම