චීන ජනාධිපතිවරයා හා කාම්බෝජ අගමැතිවරයා අතර හමුවක්
2023-02-10 17:01:14
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කාම්බෝජ අග්‍රමාත්‍ය Hun Sen මහතා හමු වෙයි.

අද (10) චීනයේ බෙයිජිං නුවරදී එම හමුව සිදු විය. කාම්බෝජය සමග යහපත් හා ස්ථාවර සම්බන්ධතා පවත්වා‍ගෙන යාම චීනයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අතර වැදගත් කාර්යයක් බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. චීන ලකෂණයන්ගෙන් යුත් නවීකරණය ඉදිරියට ගෙන යාමේදී කාම්බෝජය සමග එක්ව සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට හා සහයෝගිතාව වඩාත් පුළුල් අයුරෙන් පවත්වාගෙන යාමට චීනය කැමැත්තෙන් සිටී. දේශපාලනය, නිෂ්පාදන ධාරිතාව, කෘෂිකර්මය,බලශක්තිය, ආරක්ෂාව හා සංස්කෘතික හුවමාරු යන ක්ෂේත්‍ර හය මූලික කරගෙන චීන-කාම්බෝජ සහ‍යෝගිතා රාමුව වඩාත් පුළුල් කළ හැකි බව චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

මීට වසර 3කට පෙර තමන්ගේ චීන සංචාරය සිහි කරමින් Hun Sen මහතා කියා සිටියේ කාම්බෝජ ජනතාව සැමවිටම චීන ජනතාව සමග එක්ව සිටින බව මෙවර චීන සංචාරයෙන් ද පැහැදිලි සංඥාවක් නිකුත් වන බවයි. විවිධ කාලවකවානු තුළ චීනය කාම්බෝජයට ලබා දුන් සහායන් පිළිබඳව හෙතෙම සිය ස්තුතිය පළ කළේ ය. ක්ෂේත්‍ර හයේ ද්විපාර්ශ්වික සහයෝගිතා වැඩිදුරටත් පුළුල් කිරීම පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ අදහස්වලට Hun Sen මහතා එකඟතාව පළ කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම