චීනය සිරියා‍ව වෙනුවෙන් හදිසි ආහාර සහනාධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි
2023-02-09 18:56:21
Share with:

සිරියා‍ව වෙනුවෙන් ආහාර සහනාධාර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම කඩිනම් කරන බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) මේ බව පැවසුවාය. චීන රතු කුරුස සංවිධානය සිරියාවේ විපතට ලක්වූ ප්‍රදේශය වෙත පළමු සහනාධාරය ලෙසට පුද්ගලයන් 5000 වෙනුවෙන් වෛද්‍ය ද්‍රව්‍ය බෙයිජිංහි සිට යොමු කර තිබේ. මේ දක්වා ප්‍රකාශයට පත්කර ඇති මුදල් හා ද්‍රව්‍ය සහනාධාර හැර සිරියාව වෙනුවෙන් ආහාර සහනාධාර ව්‍යාපෘතිය චීනය කඩිනමින් ක්‍රියාත්මක කරමින් සිටී. ඒ යටතේ තිරිඟු ටොන් 220ක් එරටට යොමු කෙරෙමින් පවතී. තවත් සහල් හා තිරිඟු ටොන් 3000ක්  කාණ්ඩ දෙකක් ලෙස වෙන් වෙන් ව කඩිනමින් යොමු කෙරෙනු ඇති බව ද Mao Ning මහත්මිය කීවාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම