චීනය සමග පවත්වන බීජ සහයෝගීතාව ආහාර සුරක්ෂිතතා අභියෝගයට මුහුණ දීම සඳහා පාකිස්ථානයට ඉතා වැදගත් බව අවධාරණය කෙරේ
2023-02-09 16:03:10
Share with:

පාකිස්ථානය සහ චීනය අතර බීජ සහයෝගීතාවයේ නව අදියර අනාගතයේදී ආහාර සුරක්ෂිතතා අභියෝගයට මුහුණ දීම සඳහා පාකිස්ථානයට ඉතා වැදගත් බව සැලසුම්, සංවර්ධන සහ විශේෂ මුලපිරීම් පිළිබඳ අමාත්‍ය අහ්සන් ඉක්බාල් මහතා පවසයි.

පාකිස්ථානයේ ඔසු බීජ හතක් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යාමට චීනය පාකිස්තානයට සහාය විය. එම බීජ කොස්මික් විකිරණ සහ ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණයට නිරාවරණය වී ජාන විකෘති වීම් මත අභ්‍යවකාශ අභිජනනය එහි අරමුණ විය. එම බීජ සාර්ථක ලෙස යළි පෘථිවියට ගෙනවිත් භාරදීම වෙනුවෙන් පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පකිස්තාන බීජ නැවත පැමිණීම සැමරීමට සමගාමීව, දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම සඳහා දකුණු ආසියාතික රටක් වශයෙන් බීජ සහයෝගීතාවයේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව  ද ‍හෙතෙම සඳහන් කළේය.

පාකිස්ථානය දේශගුණික විපර්යාසයන්හී අවදානමට ලක්ව ඇති බැවින් සුහුරු කෘෂිකර්මාන්තයක අවශ්‍යතාව මතුව  තිබේ.

එම බීජ 2022 ජුනි 5 වන දින Shenzhou-14 අභ්‍යවකාශ යානය මගින් අභ්‍යවකාශයට රැගෙන ගොස් මාස හයක කාලයකින් පසු පසුගිය වසරේ දෙසැම්බර් 4 වන දින Shenzhou-14 ගගනගාමී කාර්ය මණ්ඩලය සමඟ නැවත පෘථිවියට ළඟාවිය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම