නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තිය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක්
2023-02-09 16:13:48
Share with:

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට කෙටිකාලීන ක්‍රමෝපායක් ලෙස පුද්ගල ආදායම මත බදු පැනවීම සිදුකළ බවත්, මෙම නව බදු ක්‍රමය ආසියාතික රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ඉතා අඩු ප්‍රතිශතයක් බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පවසයි.

උපයන විට අය කරන නව බදු ප්‍රතිපත්තිය පිළිබඳ වෘත්තිය සමිති නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමට මුදල් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකදී ඔහු මේ අදහස් පළ කළේය.

නව බදු ක්‍රමය සම්බන්ධව වෘත්තිය සමිති නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ගේ අදහස් සහ යෝජනා සැලකිල්ලට ගනිමින් යම් සහනයක් ලබාදීමට හැකි කෙටිකාලීන ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව තිබෙන බවද හෙතෙම කීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම