චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරයි
2023-02-09 19:54:27
Share with:

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(9) මාධ්‍ය හමුවකදී චීන ආර්ථිකය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසුවේ, චීනය ඉහළ මට්ටමේ විවෘතභාවය අඛණ්ඩව සිදු කරනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෑත කාලීන ලිපියකට අනුව, චීන ආර්ථිකය මේ වසරේ ගෝලීය ආර්ථික වර්ධනයෙන් 25%කට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය සුබ ආරංචියකි. චීනයේ ආර්ථික සංවර්ධන අපේක්ෂාවන් කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඇති විශ්වාසය මෙමඟින් නැවත වරක් පිළිබිඹු වන බව, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

වර්තමානයේ ලෝක ආර්ථිකය අවදානම් ස්වභාවයක පවතින අතර, ආරක්ෂණවාදය ද ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, සංවර්ධනය වෙමින් පවතින අතරතුර විවෘතභාවය සැමවිටම අවධාරනය කරන  චීනය බාහිර ලෝකයට පුළුල් ලෙස විවෘත වන බව ද, Mao Ning මහත්මිය එහිදී පැවසුවා ය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම