සාමය හා ආර්ථික සංවර්ධනය ස්ථාපිත කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජගත් මහලේකම්වරයාගෙන් ජාත්‍යන්තර ප්‍රජාවට ඉල්ලීමක්
2023-02-09 12:05:12
Share with:

සාමය හා ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමටත්, දේශගුණික විපර්යාසය පිළිබඳ ගැටලු විසඳීමටත්, වහාම පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටියේය.

එක්සත් ජාතීන්ගේ 2023 වර්ෂයේ ප්‍රමුඛතා පිළිබඳව, ජගත් මහලේකම් Antonio Guterres මහතා පසුගිය 6 වැනිදා එම සංවිධානයේ මහා මණ්ඩලයට අමතමින් මේ බව ප්‍රකාශ කර ඇත. වඩා සුරක්ෂිත, සාමකාමී සහ තිරසර ලෝකයක් ගොඩනැඟීම සඳහා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තිය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය මත පදනම්ව මෙම වසරේ ප්‍රතිසංස්කරණයන් කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර ප්‍රජාව එකමුතුව පවතින සම්පත් නිසි ලෙස බෙදා ගත යුතු බව Antonio Guterres මහතා පැවසීය. අධ්‍යාපනය, සෞඛ්‍යය, වසංගත වැළැක්වීම, උසස් රැකියා සහ සමාජ ආරක්ෂණ සඳහා වන ආයෝජනයේ දී, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ට ඉන් ප්‍රමාණවත් කාරක ප්‍රාග්ධනයක් ඇති විය හැකිය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම