චීනයේ 5ජී කර්මාන්තය තවදුරටත් බලගැන්වෙයි
2023-02-09 10:38:08
Share with:

චීනයේ 5ජී තාක්ෂණික කර්මාන්තය තවදුරටත් බලගැන්වෙයි.

පසුගිය වසරේ චීනය අලුතින් ඉදි කර ඇති 5ජී මධ්‍යස්ථාන සංඛ්‍යාව 8ලක්ෂ 87දහසකි. මේ සමග චීනයේ සමස්ත 5ජී මධ්‍යස්ථාන සංඛ්‍යාව 23ලක්ෂ 12දහස දක්වා ඉහළ ගොස් ඇති අතර, එහි ගෝලීය ප්‍රතිශතය 60% ක් වේ. චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය, 2022 වසරේ විදුලි සංදේශ කර්මාන්තය පිළිබඳව නිකුත් කළ සංඛ්‍යාලේඛනයක මේ බව දැක්වෙයි.

මේ වනවිට චීනයේ 5ජී අන්තර්ජාල ආවරණය තවදුරටත් පුළුල් වෙමින් පවතී. 5ජී තාක්ෂණය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව 30%ක අගයක් ගන්නා අතර, මෙය ගෝලීය අගය ද අභිබවා යාමකි.

මේ අතර, පසුගිය වසරේ, බුද්ධිමය නිෂ්පාදන, සුහුරු වෛද්‍ය සේවා, සුහුරු අධ්‍යාපනය සහ ඩිජිටල් සේවා ඇතුළු ක්ෂේත්‍රවල 5ජී තාක්ෂණ භාවිතයේ කැපීපෙනෙන ප්‍රගතියක් පවතින බව ද අමාත්‍යාංශ වාර්තාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම