ඇමරිකාව පණවා ඇති සම්බාධක, සිරියාවේ පශ්චාත් භූකම්පන සහන සේවාවට බාධාවක් බවට චෝදනා
2023-02-09 13:01:18
Share with:

ඇමරිකාව විසින් සිරියාවට පණවා ඇති සම්බාධක, සිරියාවේ පශ්චාත් භූකම්පන සහන සැලසීමේ සේවාවට බාධාවක් බවට විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ල වී ඇත.

ඇමරිකාවේ සම්බාධක හේතුවෙන් සිරියාවේ සහන සැලසීමේ කටයුතු වඩාත්  අසීරු වූ බව එක්සත් ජාතීන්ගේ සිරියානු ස්ථාවර නියෝජිත Bassam Sabbagh මහතා පසුගියදා(7) චීන මාධ්‍ය සමූහයේ වාර්තාකරුවෙකු සමග සම්මූඛ සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

සහන ලබා දීම පිළිබඳව ලෝක වාසීන් වැඩි අවධානයකින් පසු වන වර්තමානයේ වුව ද, බටහිර රටවල සහනාධාරය දේශපාලන දැක්මකින් ආවරණය වූ බව, සෞදි අරාබි රූපවාහිනි සේවය වාර්තා කර ඇත. අසාධාරණ ලෙස ‍අගතියට හා නොසැලකිල්ලට ලක් වූ සිරියාවේ, වඩාත් බරපතල මානුෂීය අර්බුදයක් හට ගැනීමට ඉඩ තිබෙන බව ද වාර්තා වේ.

දේශපාලන සාධක පසෙක තබා ගෙන සිරියාවේ විපත් සඳහා සහන ලබා දීමේ කටයුතු, මානුෂවාදී ප්‍රයත්නයක් ලෙස සැලකිය යුතු බවත් එය ජීවිත සුරක්ෂිත කිරීමට සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් බවත් මානුෂීය කටයුතු පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක අවධාරණය කළේය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම