සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට ඇමෙරිකාවේ සානුකම්පාව අහිමි ද?
2023-02-09 11:45:27
Share with:

සිරියාවට බලපෑ දරුණු භූ කම්පනයෙන් සිරියානු රජ‍යේ පාලන කලාපවල 1250 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව 2054 දෙනෙකු තුවාළ ලබා තිබේ. මිය ගිය වූවන් සහ තුවාළ ලැබූවන්ගේ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි සිරියානු සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටී.

ඇමරිකානු හා බටහිර රටවල දිගුකාලීන සම්බාධක හේතුවෙන් සිරියාවේ ‍බේරා ගැනීමේ උපකරණවල හිඟයක් පවතී. සහනාධාර සපයන හා මුදා ගැනීමේ වාහන පෙළට ඉන්ධන පවා නොමැති බව වාර්තා වේ. සිරියාවට ඇතුළුවන මාර්ගවලට දැඩි හානි සිදු වීමෙන් සහනාධාර බෙදා හැරීම ද ප්‍රමාද වී ඇත.

කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක ප්‍රයිස් පැහැදිලි කළේ ඇමරිකාව ආධාර සපයන්නේ සිරියාවේ “දේශීය මානුෂීය හවුල්කරුවන්”හරහා පමණක් බවයි. සිරියාවේ අසාද් රජය සමඟ සම්බන්ධ වීම ඇමරිකාව ප්‍රතික්ෂේප කරන බව ද හෙතෙම පැවසීය.

මේ දිනවල චීනය ඇතුළු ලොව පුරා බොහෝ රටවල් සහ කලාප තුර්කියට සහ සිරියාවට ශෝකය ප්‍රකාශ කර ඇති අතර මුදා ගැනීම සඳහා සහාය ලබා දී ඇත. භූ කම්පනයෙන් විපතට පත් වූවන්ට සහන සඳහා මුළු ලෝකයේම සහයෝගීතාව හා සසඳන විට, ඇමරිකාවේ ක්‍රියාකලාපය කෙරෙහි ඇති වන්නේ අපේක්ෂා භංගත්වයකි.

2011 දී සිරියානු සිවිල් යුද්ධය සිදු වීමෙන් පසු ඇමරිකාව සිරියාවට නිතරම යුද මැදිහත් වීම් සිදු කොට දැඩි ආර්ථික සම්බාධක පනවා ඇත. සිරියාවේ ප්‍රධාන තෙල් නිපදවන ප්‍රදේශ පවා අත්පත් කර ගැනීමට කටයුතු කළේය. ඇමරිකාවේ කොල්ලකෑම් මාලාවක් ප්‍රාදේශීය වැසියන්ට බරපතල විපත් ගෙන දී තිබේ.

වත්මන් දැඩි භූමිකම්පන හමුවේ "මානව හිමිකම්" සහ "මනුෂ්‍යත්වය" ගැන කතා කරන ඇමරිකානු දේශපාලනඥයන් ප්‍රායෝගික ක්‍රියාවලින් මැද පෙරදිග ජනතාවට අනුකම්පාව හා සහයෝගය ප්‍රකාශ කළ යුතු අතර සිරියාවට එරෙහි ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කළ යුතුය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම