අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස්
2023-02-09 16:16:18
Share with:

රාජ්‍ය ආදායම් තත්ත්වය යහපත් වනතෙක් රාජ්‍ය සේවය පවත්වාගෙන යාමේ අරමුණින් අත්‍යවශ්‍ය රාජ්‍ය වියදම් සඳහා පමණක් ප්‍රතිපාදන සපයන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහා භාණ්ඩාගාර ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

රජයේ කටයුතු සඳහා පෙර සිදුකළ පරිදි මුදල් නිකුත් කිරීම ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමේ කාර්යයට මේ මොහොතේ අහිතකර ලෙස බලපාන බැවින් එය රටේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලියට ද බාධාවක් බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමටද පසුගියදා පියවර ගෙන තිබිණ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම