2023 යල කන්නයේ වී වගාව සඳහා ප්‍රමාණවත් පරිදි ජලය සැපයීමට පියවර
2023-02-09 16:15:21
Share with:

2023 යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය ජලය සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහවැලි අධිකාරිය එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මීළඟ යළ කන්නයේ වගා කටයුතු සඳහා ජලය ලබා දීම සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවැත්වූ සාකච්ඡාවේ දී මේ සඳහා එකඟත්වය පළ කරන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන් මහත්මිය සඳහන් කළාය.

මහ කන්නයේ වී වගා කටයුතු මේ වනවිට අවසන්ව ඇති අතර බොහෝ ප්‍රදේශ වල අස්වනු නෙළමින් පවතී.

පසුගිය දිනවල පැවැති වර්ෂාවත් සමග සුළු වාරිමාර්ග, මහා වාරිමාර්ග හා මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශ හා වැව්වල වගාවට අවශ්‍ය තරම් ජලය පවතින බැවින්  වී වගාවට අවශ්‍ය ජලය ලබා දීමට එකඟත්වය පළවී ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම