එක්සත් ජාතීන්ගේ 2023 ජල සමුළුව ලබන මාසයේදී
2023-02-09 09:26:49
Share with:

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, 2023 ජගත් ජල සමුළුව පැවැත්වීමට සූදානම් වෙයි. එය ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර දී  මාර්තු 22, 24 යන දෙදින පැවැත්වෙනු ඇත. චීනයේ එක්සත් ජාතීන්ගේ ආයතන, නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහ ටජිකිස්තාන් තානාපති කාර්යාලය ඊයේ(8) බෙයිජිංහි දී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව නිවේදනය කළේය.

අඩසියවසක පමණ කාලයක් තුළ ජලය හා සම්බන්ධ, එක්සත් ජාතීන්ගේ ඉහළම මට්ටමේ සමුළුව මෙයයි.

එක්සත් ජාතීන්ගේ 2023 ජල සමුළුව නෙදර්ලන්ත සහ ටජිකිස්තාන රජයන්ගේ සහාය ඇතිව සංවිධාන කෙරේ. චීනය සහ යුරෝපා සංගමය ජලය හා තිරසර සංවර්ධනය පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ සම සත්කාරකත්වය දරනු ඇත. සම සංවිධායකවරුන් විසින් ආරම්භ කරන ලද ජල ක්‍රියාකාරීත්ව න්‍යාය පත්‍රය මෙම රැස්වීමේ ප්‍රධාන ප්‍රතිඵලයක් වනු ඇති බවද සංවිධායකයන් පවසා තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම