ගෝලීය සාර්ව ප්‍රතිපත්ති රාමුවේ වැදගත්ම අංගය සංවර්ධනය බව චීනය ජගත් ප්‍රජාව හමුවේ අවධාරණය කරයි
2023-02-09 11:12:59
Share with:

සංවර්ධනය, ගෝලීය සාර්ව ප්‍රතිපත්ති රාමුවේ වැදගත්ම ස්ථානයක තබන්නැයි චීනය ජගත් ප්‍රජාවෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන උප නියෝජිත Dai Bing මහතා මෙම ඉල්ලීම ඊයේ (08) ඉදිරිපත් කළේය. සැබෑ බහුපාර්ශ්විකවාදය අනුගමනය කරමින්, එක්සත් ජාතීන්ගේ සංවිධාන වේදිකාවේ කාර්යභාරයන් වැදගත් කොට සැලකිය යුතු ය.  සංවර්ධනය, ගෝලීය සාර්ව ප්‍රතිපත්ති රාමුව තුළ කැපීපෙනෙන ස්ථානයක පැවතිය යුතු බවත්, සංවර්ධන ක්‍රමවේදයට අවධානය යොමුකරමින්,  ආයෝජනය වැඩි කළ යුතු බවත් හෙතෙම පැවසීය.

ඊයේ (08) පැවති " දෝහා ක්‍රියාකාරී වැඩසටහන" යටතේ, 2030 සංවර්ධන න්‍යාය පත්‍රය කඩිනමින් ක්‍රියාත්මක කිරීම තේමා කරගත් ජගත් මහා සම්මේලනයේ හා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කවුන්සිලයේ විශේෂ රැස්වීමේ දී Dai Bing මහතා පැවසුවේ, සංවර්ධනය වෙමින් පවතින රටවල, සංවර්ධන අයිතිය සැබෑ ලෙසම සුරක්ෂිත කළ යුතු බවයි. අදාළ රටවල අවශ්‍යතා හා ප්‍රමුඛතා අනුව දරිද්‍රතාව පිටුදැකීම සහ ආහාර සුරක්ෂිතතාව උදෙසා ජගත් ප්‍රජාව ප්‍රතිචාර දැක්විය යුතු බව ද හෙතෙම පෙන්වා දී ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම