බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පද්ධතියේ විශාලතම වැඩ වර්ජනය දෙවන දිනයටත්
2023-02-08 09:33:17
Share with:

බ්‍රිතාන්‍යයේ මහජන සෞඛ්‍ය පද්ධතියේ විශාලතම වැඩ වර්ජනය දෙවන දිනයටත් ක්‍රියාත්මක වේ. බි‍්‍රතාන්‍ය හෙද හෙදියන් ද ඊයේ (7) යළිත් වැඩ වර්ජනයක නිරත විය. පසුගිය 6 වැනිදා ආරම්භ වූ මෙම නව වැඩ වර්ජන මාලාව එරට ඉතිහාසයේ සිදු වූ විශාලතම සෞඛ්‍ය වැඩ වර්ජනය බව අදාළ වෘත්තීය සමිති ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍ය රජයට අනුව, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මහජන සෞඛ්‍ය පද්ධති සිදු කළ වැඩවර්ජන කිහිපයක ප්‍රතිඵලයක් ලෙස එංගලන්තයේ බාහිර රෝගී පරීක්ෂා කිරීම් සහ ශල්‍යකර්ම 88,000කට වඩා අවලංගු කර ඇත.

බ්‍රිතාන්‍ය මහජන සෞඛ්‍ය පද්ධතියේ භෞතචිකිත්සක කාර්ය මණ්ඩලය, ගිලන්රථ කාර්ය මණ්ඩලය සහ ගුරුවරුන් නුදුරු අනාගතයේ දී වැඩ වර්ජන කිහිපයක් පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම