තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවක් චීන ජාතික පක්ෂයේ උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්
2023-02-08 19:03:49
Share with:

චීන Kuomintang පක්ෂයේ උප සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මාලාවකට සහභාගි වෙයි.

චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය අද(8) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ චීන Kuomintang පක්ෂයේ උප  සභාපති Xia Liyan මහතා අද(8) සිට ලබන 17 වනදා දක්වා චීන ප්‍රධාන ගොඩබි‍මේ නිල චාරිකාවක නිතර වන බවයි. එම චාරිකාව තුළ Xia Liyan මහතා Nanjing, Wuhan, Chongqing, Chengdu ඇතුළු නගර වල පැවැත්වෙන තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස හුවමාරු ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් රැසකට සහභාගීවීමට නියමිතව තිබේ. තායිවාන ප්‍රදේශයේ ප්‍රධාන ජනමතය සාමය, හුවමාරු හා සහයෝගයයි. තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපස එකම පවුල ලෙසට සලකන සංකල්පය අඛණ්ඩව අනුගමනය කරමින් තායිවාන ප්‍රදේශයේ ස්වදේශිකයන් වෙනුවෙන් අවංක ලෙස සුභසෙත සලසන බව Zhu Fenglian මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම