චීන ආපදා සහන කණ්ඩායම තුර්කියට ළඟා වෙයි
2023-02-08 10:18:09
Share with:

තුර්කි රජයේ ඉල්ලීමකට අනුව චීන රජය විසින් යවනු ලැබූ 82 දෙනෙකුගෙන් සමන්විත ආපදා සහන කණ්ඩායමක් පැය 10ක ගුවන් ගමනකින් පසු අද(8) අලුයම 3.30ට පමණ දකුණු තුර්කියේ Adana නගරයේ ගුවන් තොටුපළට ළඟා විය. ඔවුහු ජාත්‍යන්තර සහන මෙහෙයුම්වලට එක්වීමට සූදානම්ව සිටිති.

එම කණ්ඩායම සමඟ ආපදා සහන භාණ්ඩ, සන්නිවේදන උපකරණ, වෛද්‍ය උපකරණ ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය ටොන් 20ක් හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සුනඛයින් හතර දෙනෙකු ද රැගෙන ගොස් තිබේ. චීන ආපදා සහන කණ්ඩායම තුර්කියේ ප්‍රාදේශීය රජය, චීන තානාපති කාර්යාලය හා එක්සත් ජාතීන්ගේ ආයතන සමඟ එක්ව සහන සැලසීමේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කර සුන්බුන් අතර සිරව සිටින පුද්ගලයින් සෙවීම, වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම, ජංගම රෝහල් ඉදි කිරීම සහ ආපදා තත්ත්වය ඇගයීම ඇතුළු කාර්යයන් සිදු කිරීමට නියමිතය.

මෙවර තුර්කියට යැවූ චීන ආපදා සහන කණ්ඩායම, චීනයේ හදිසි කටයුතු කළමණාකරණ අමාත්‍යාංශය විසින් ස්ථාපිත කරන ලද පළමු ජාතික මට්ටමේ වෘත්තීය විස්තීර්ණ ආපදා සහන කණ්ඩායම වීම විශේෂත්වයකි. 



ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම